Crownless

Advertisements

farewell song..

නැවතීමේ තිතෙන් සමුගෙන
නොහැරෙන්නට නැවත කිසිදා
යන්නමි ඔබට පිටුපා
නැවත කිසිදා කඳුලක් හෙලන්නෙපා

මිදුනු සුසුමට ඔබ දෑත පා
නෙලාගෙන හද ඔබ පුළුනුකුල සතපා
හැඬූ ප්‍රේමය සිත් රැඳී ඇත සැමදා
ඉතින් හිනහෙන්න මගේ දෙව්ලිය සදා

ජීවයේ අවසාන ගිමන්හල හැරදා
ඔබේ කඳුලු ගෙන සිනහවක් රන්දා
යා හැකිය දුර බොහෝ ඔබ හන්දා
දනිමි සොයුරිය ඔබ මා නොවු බව කිසිදා

Captain Ahab’s Anger (නැව්පති අහබ් ගේ වෛරය)

Captain Ahab's Anger

ගණඳුර පැතිරුන ඟැඹුරු මුහුදු පතුලේ
ඇති සම්පත් දැක මිනිසුන් වහ වැටුනේ

දහසක් නැව් නැඟ සොයමින් විසිතුරු
යනමඟ අහුරා සටනින් රැදුරු

බිලිකර ජීවිත ගිල්වයි නැව් මුහුදේ
ඔහුගේ වෛරය තවමත් පිහිනයි රිසිසේ

හිරු රැස් නොවැටෙන අඳුරු පතුලේ
සැරිසරනා දිදුලන සුදු වළාව එය වේ

ඔහුගේ හදේ අඳුරුම කොනක ගිනියම්ව කැකෑරෙන
වෛරය අයදියි නැවතත් දඩයමට නැව් නගින්න

රැස් කරවයි ඔහු පණ ඈති මිනිසුන්
බිලිකර සුදු වළාවට නිවාගන්න හදරැදි ගිනිදැල්

සැරිසරා සීතල මුහුද පුරා
සොයයි ඔහු සුදු තල්මසා

හී තුඩක අමුනා ලේ විසුරුවන්නට
පණගසන මසෙක් සුසුම් හෙලනු දකින්නට

සිහින මවයි ඔහුගේ ගිනියම් හදවත
සීත සුලඟටත් බැරිය නිවන්න වෛර හිත

රැස් කර බලය මිනිසුන් කරයි සටන
මුහුද රජයන සුදු වළාවට එරෙහිව

බිලිවෙයි මිනිසුන් එකිනෙක ලෙයින් රතු මුහුදට
එයින් කැලඹුන මුහුද අයදී ඔහුගේ රත්වූ හදවත බිල්ලට

සුදු තල්මසාට එරෙහිව ගෙන හී තුඩ අතින
සටනට එක් වෙයි නැව්පති වෛරය උතුරන

දෙදරන සුලං කපන අකුණු සැර මැද
හී තුඩ පරදා තල්මසා ගනියි අන්තිම බිල්ල

සීතල මුහුද දැන් සන්සුන්ය පිහිනයි මසුන් රිසිසේ
අමතකව අතීත කතා සැරිසරයි නැව් පෙරසේ

එනමුත් පරලොව සුව අහිමි ඔහුගේ ගිනියම් හදවත
තවමත් දුම්දමයි මුහුදු පතුලේ අඳුරු කොනක

Blog at WordPress.com.

Up ↑