පියාපත් (feathers)

My first and maybe final attempt at sinhala poetry. This is loosely based on my poems “Fly From Life” and “A Far Away Fantasy” but the idea is totally different and is not a translation at all. This tombstone idea seems to haunt me for quite some time and I had been humming it as a tune, was irresistable to put it into poetry, weird is the fact that I attempted it in sinhala.

රැලෙන් මිඳුනු පියාපතක් සුළඟෙ හැසිරුනා
ඇදී ගොසින් දුර ඈත ලොවක් කරා
අමුතු හඟුමකි එය සිත තුල සැඟවුනා
ඇදී ගොසින් සොහොන් ගලක දැවටුනා

අයකු තවමත් පොලොව යට දිරයි
සටහනක් නොමැත ගල මත ඔහුගෙ නම අමතකයි
කල හැම සටනක සලකුනු කාලය මකයි
මට විරුවෙකි නමුත් ඔහු ඔබට හතුරෙකි

පියාපත් ලබන්න වරම් නැති කාලය කුරිරු නිසයි
සැලුනු පියාපත් ඔහුගේ සොහොන පසු කරයි
හතර කොනින් පැතිරෙන අඳුර නෙත් බොඳ කරයි
වැදුනු සාපය නිසයි හඟුම් ගිනි ගනි

දුර ඈත අහිංසකයෙකුගේ හඬ සුලඟට මුසුවුනා
පණ ගැසෙන සිරුරකි එය පොළොවේ වැතිරුනා
තවත් අයෙකුට නමක් නැති සොහොනක් වෙන්වුනා
කුරිරු ලොවින් මිඳුනු තවත් පියාපතක් සුලඟට එක් වුනා

මෝදු වන සිහිල් හැඟුම් යටපත් කරයි
සැලුනු හඬක් තවමත් ඇසෙයි නමුත් එය දුරයි
කඳු අතරින් ගලන සුළං රැල්ල සැඩයි
බිඳුනු පියපතක් සොහොන් ගලක් පසුකරයි

Just in case you can’t view the sinhala text, here is the content embedded into an image. Click on the thumbnail to get a larger image.

piyapath (image format)
piyapath (image format)

Blog at WordPress.com.

Up ↑